නවතම පුවත් සහ සිදුවීම්

යහපත් පෞරුෂයකින් යුතු දරුවකු හදාවඩා ගන්නේ කෙසේද
අමාත්‍යාංශයේ නිළධාරීන් සඳහා වූ මාසික දැනුවත්කිරීමේ වැඩසටහන “යහපත් පෞරුෂයකින් යුතු දරුවකු හදාවඩා ගන්නේ කෙසේද.“ යන තේමාව යටතේ 2019.12.04 වන දින කාන්තා හා ළමා කටයුතු සහ...
සිකුරාදා, දෙසැම්බර් 06 2019 09:37

නව අමාත්‍යවරයා දිවුරුම් දෙයි.
විදුලිබල හා බලශක්ති කැබිනට් අමාත්‍යවරයා ලෙස ගරු මහින්ද අමරවීර මහතා 2019.11.22 දින දිවුරුම් දුන්නේය.
සදුදා, දෙසැම්බර් 02 2019 06:13

නව රාජ්‍ය අමාත්‍යවරයා දිවුරුම් දෙයි.
බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු රෝහිත අබේගුණවර්ධන මහතා 2019.11.28 දින දිවුරුම් දුන්නේය.
සදුදා, දෙසැම්බර් 02 2019 06:08

යහපත් පෞරුෂයකින් යුතු දරුවකු හදාවඩා ගන්නේ කෙසේද
සිකුරාදා, දෙසැම්බර් 06 2019 09:37
අමාත්‍යාංශයේ නිළධාරීන් සඳහා වූ මාසික දැනුවත්කිරීමේ වැඩසටහන “යහපත් පෞරුෂයකින් යුතු දරුවකු හදාවඩා ගන්නේ කෙසේද.“ යන තේමාව යටතේ 2019.12.04 වන දින කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ සංවර්ධන නිළධාරිනි, ගීතා රෝෂිනී ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ සඳහා අමාත්‍යාංශයේ සියළුම මාණ්ඩලික නිළධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

නව අමාත්‍යවරයා දිවුරුම් දෙයි.
සදුදා, දෙසැම්බර් 02 2019 06:13
විදුලිබල හා බලශක්ති කැබිනට් අමාත්‍යවරයා ලෙස ගරු මහින්ද අමරවීර මහතා 2019.11.22 දින දිවුරුම් දුන්නේය.

නව රාජ්‍ය අමාත්‍යවරයා දිවුරුම් දෙයි.
සදුදා, දෙසැම්බර් 02 2019 06:08
බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු රෝහිත අබේගුණවර්ධන මහතා 2019.11.28 දින දිවුරුම් දුන්නේය.

නව ලේකම්වරිය දිවුරුම් දෙයි.
සදුදා, දෙසැම්බර් 02 2019 06:01
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස වසන්තා පෙරේරා මහත්මිය දිවුරුම් දුන්නාය.

මිහිමත ජීවයට සුදුසු සෞඛ්යාරක්ෂිත පරිසරයක් ගොඩනගමු.
බදාදා, නොවැම්බර් 13 2019 06:22
අමාත්‍යාංශයේ නිළධාරීන් සඳහා වූ මාසික දැනුවත්කිරීමේ වැඩසටහන “මිහිමත ජීවයට සුදුසු සෞඛ්යාරක්ෂිත පරිසරයක් ගොඩනගමු.“ යන තේමාව යටතේ 2019.11.07 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක, ලක්මිණි රාධිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ සඳහා අමාත්‍යාංශයේ සියළුම මාණ්ඩලික නිළධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

ධාරිතා වර්ධන පුහුණු වැඩසටහන
අඟහරුවාදා, නොවැම්බර් 05 2019 03:48
අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා ධාරිතා වර්ධන පුහුණු වැඩසටහනක් නොවැම්බර් 1,2 දිනයන්හිදී කුකුලේගඟ ලයා රිසෝට්හිදි පැවැත්විණි. මේ සඳහා අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියළුම කාර්යමණ්ඩලය සහභාගී විය.

2020 ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ මූලික සාකච්ඡාව
සිකුරාදා, නොවැම්බර් 01 2019 03:51
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයන්හි 2020 ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ මූලික සාකච්ඡාව 2019.10.30 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 24 2019 06:09
බෝ නොවන රෝග වැළඳීම වලක්වා ගැනීමට අදාළ ජීවන චර්යාවන් ප්‍රවර්ධනය කිරීමේ හා අමාත්‍යාංශ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය විසින් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ සඳහා අමාත්‍යාංශයේ සියළුම මාණ්ඩලික නිළධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

ඉන්ධන හා ලිහිසි තෙල් සම්බන්ධ වූ මූලික සාකච්ඡාව
බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 24 2019 06:05
ශ්‍රී ලංකාවේ ඉන්ධන අවභාවිතා කිරීම වැලැක්වීම සහ ඉන්ධන හා ලිහිසි තෙල් සම්බන්ධ ප්‍රමිති සකස් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් 2019.10.22 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සාකච්ඡාව සඳහා අදාල රාජ්‍ය ආයතන වල නිළධාරීන් සහභාගී විය.

ද්‍රවකෘත ස්වභාවික වායු කර්මාන්තය පිළිබඳ පුහුණු වැඩසටහන
බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 17 2019 06:01
එවකට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් කළ ඉල්ලීමකට අනුව ද්‍රවකෘත ස්වභාවික වායු (LNG) පිළිබඳ ධාරිතා වර්ධන තුන් අවුරුදු පුහුණු වැඩසටහනක් දකුණු කොරියාවේ ඇති KOICA ආයතනය හා KOGAS ආයතන වල සහයෝගීතාවයෙන් සහ එම ආයතන වල තාක්ෂණික හා මූල්‍යමය ආධාර සමඟින් සංවිධානය කර ඇත.
එම පුහුණු වැඩසටහනේ පළමු අදියර 2018 වර්ෂයේ පැවැත්වූ අතර දෙවනි අදියර සඳහා 2019 ඔක්තෝම්බර් 13 සිට ඔක්තෝම්බර් 26 දක්වා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව,...

ටෙක්නෝ 2019
බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 17 2019 04:05
2019 ඔක්තෝම්බර් මස 11 දින සිට 13 දින දක්වා බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වුණු ටෙක්නෝ 2019 ප්‍රදර්ශනය සඳහා මෙම අමාත්‍යාංශය සහ ඊට අදාල ආයතනවල දායකත්වයෙන් ප්‍රදර්ශන කුටියක් නිර්මාණය කරන ලදී. එම ප්‍රදර්ශන කුටිය මඟින් පාසල් සිසුන් ඇතුළු මහජනතාව වෙත ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ක්ෂේත්රය පිළිබඳව තොරතුරු සහ දැනුම ලබා දීමට කටයුතු කරන ලදී.

ශිල්පසේනා 2019
බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 10 2019 08:07
2019 සැප්තැම්බර් මස 25 දින සිට 29 දින දක්වා පොලොන්නරුවේදී පැවැත්වුණු ජාතික ශිල්පසේනා ප්‍රදර්ශනය සඳහා මෙම අමාත්‍යාංශය සහ ඊට අදාල ආයතනවල දායකත්වයෙන් ප්‍රදර්ශන කුටියක් නිර්මාණය කරන ලදී. එම ප්‍රදර්ශන කුටිය මඟින් ප්‍රදේශයේ පාසල් සිසුන් ඇතුළු මහජනතාව වෙත ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ක්ෂේත්රය පිළිබඳව තොරතුරු සහ දැනුම ලබා දීමට කටයුතු කරන ලදී.

විගණන හා කළමණාකරන කමිටු රැස්වීම
සදුදා, සැප්තැම්බර් 16 2019 05:51
අමාත්‍යාංශයේ විගණන හා කළමණාකරන කමිටු රැස්වීමට අදාල පූර්ව රැස්වීමක් 2019.09.12 දින අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රවනාගාරයේදී පැවැත්වූ අතර ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා වන ලදී.

TOTAL E&P සමාගම සමඟ සංශෝධිත ඒකාබද්ධ ගිවිසුම ක්‍රියාත්මක කිරීම.
බ්‍රහස්පතින්දා, අගෝස්තු 29 2019 04:24
නැගෙනහිර ද්‍රෝණියේ මඩකලපුව හා ත්‍රිකුණාමලය අතර බිම් කොටස් වල සැලකිය යුතු ඛනිජ ප්‍රභවයන් නිරූපනය වන බැවින් වැඩිදුර ගවේෂණය ක්‍රියාවලියක් සඳහා TOTAL E&P ප්‍රංශ සමාගම හා Equinor නොර්වේජියානු ඛනිජ සම්පත් සමාගම සමග ශ්‍රී ලංකා රජය 2019 අගෝස්තු 27 වන දා ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් තැබුවේය.

ගුවන්ගත ගුරුත්වාකර්ෂණ හා චුම්බක දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය
බදාදා, අගෝස්තු 21 2019 08:01
ශ්‍රී ලංකා ජනරජය හා බෙල් ජියෝස්පේස් ආයතනය සමඟ ගුවන්ගත ගුරුත්වාකර්ෂණ හා චුම්බක දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ ගිවිසුම 2019.08.15 දින මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා විසින් අත්සන් කරන ලදී.
මෙමඟින් මන්නාරම් ද්‍රෝණියේ හා කාවරි ද්‍රෝණියේ මුහුදුබඩ පෙදෙස හා ගොඩබිම් ආශ්‍රිතව දත්ත රැස් කරනු ලැබේ.

සපුගස්කන්ද පිරිපහදුවට 50 වසරක් සපිරීම
බදාදා, අගෝස්තු 21 2019 07:40
ලංකාවේ ඇති එකම ඛනිජ තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද පිරිපහදුව ආරම්භකර අභිමානවත් 50 වසරක සේවය සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද සැමරුම් වැඩසටහනක් 2019.08.07 දින සපුගස්කන්ද පිරිපහදුවේදී පැවැත්විණි.
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමන්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මැතිණිය, ආරක්ෂක සහ මාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා, අමාත්‍යාංශ ලේකම්...

නව රාජ්‍ය අමාත්‍යවරිය දිවුරුම් දෙයි.
සිකුරාදා, අගෝස්තු 09 2019 06:58
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ගරු වෛද්‍ය අනෝමා ගමගේ මැතිණිය 2019.08.08 දින දිවුරුම් දුන්නාය.

New Minster Sworn
බ්‍රහස්පතින්දා, ජූනි 20 2019 00:00
Mr. Kabir Hashim was sworn in as the Minister of Highways & Road Development and Petroleum Resources Development.

ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ නව කර්මාන්ත ශාලාවක් ළඟදීම
අඟහරුවාදා, ජූනි 11 2019 03:25
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මැලේසියාවේ හයිරැක්ස් ඹයිල් එස් ඩී එන්. බී එච් ඩී. සමාගම සමඟ එක්ව ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාවක් මුතුරාජවෙල ස්ථාපනය කර ඇත. මෙම කර්මාන්ත ශාලාවේ වාණිජ මෙහෙයුම් කටයුතු 2019 ජූනි 24 දින උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතය. මෙම නව උපායමාර්ගික සැලැස්ම හරහා පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක, අඩු පිරිවැය ලිහිසිතෙල් සහ ග්‍රීස් ලබාදීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අපේක්ෂාවයි.
...

නව වැඩබලන අමාත්‍යවරිය දිවුරුම් දීම
සදුදා, ජූනි 10 2019 03:25
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය අනෝමා ගමගේ මැතිණිය 2019.06.10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

ලෝක පරිසර දිනය
සිකුරාදා, ජූනි 07 2019 03:25
ලෝක පරිසර දිනය
ජුනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනය හා 2019 මැයි 30 සිට ජුනි 05 දක්වා යෙදී ඇති ජාතික පරිසර සැමරුම් සතියට සමගාමීව අප අමාත්‍යාංශය මඟින් මෙවර තේමාව වායු දූෂණය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් හා කාර්ය මණ්ඩලයේ සියළුම දෙනාගේ දායකත්වයෙන් ශ්‍රමදාන වැඩ සටහනක් පැවැත්විණි.

ඛනිජ තෙල් හා ආශ්රිත නිෂ්පාදන ආනයනය
සිකුරාදා, ජූනි 07 2019 03:25
ඛනිජ තෙල් හා ආශ්රිත නිෂ්පාදන ආනයනය
ඛනිජ තෙල් හා ආශ්රිත නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමේ දී හා භාවිතයේ දී උද්ගතව ඇති ගැටලු පිළිබඳව අමාත්‍යාංශයේ නිලධාරීන් හා ඒ සම්බන්ධ ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2019 ජූනි 06 දින ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අංශයේ ශ්‍රවනාගාරයේ දී පැවති සාකච්ඡාව.


CPSTL Tenders
අඟහරුවාදා, ජූනි 04 2019 07:33
Tenders - Ceylon Petroleum Storage Terminals Limited - CPSTL
Link>>

ඛනිජ තෙල් සංස්ථාව පිරිපහදුව සදහා ඇල්ජීරියානු බොර තෙල් අත්හදා බලයි
බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 25 2018 05:29
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙරට තුළ පිරිපහදුව සදහා ඇල්ජීරියානු බොර තෙල් යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අත්හදා බැලීම් සිදු කරමින් පවතින බව වාර්තා වෙයි .ඇල්ජීරියාවේ නිපදවන මෙම බොර තෙල් සහරා බ්ලෙන්ඩ් ලෙස ලෝක බොර තෙල් වෙළදපොළ හැදින්වෙයි.
දිනකට තෙල් බැරල් 50,000ක් පිරිපහදු කළ හැකි සපුගස්කන්දේ පිහිටි පිරිපහදුව , ඉරාන බොර තෙල් සදහා පමණක් සුවිශේෂී වීමත් ,වසර හතකට ආසන්න කාලයක් තිස්සේ ඉරාන බොර තෙල් මෙරටට ආනයනය නොකිරීමත් යන කාරණා...

තෙල් නළය උඩ අනවසරයෙන් පදිංචිව සිටින සියලු දෙනාට නව නිවාස - ඇමැති අර්ජුන
අඟහරුවාදා, ඔක්තෝබර් 23 2018 11:21
කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ගෙන යන නළය ආශ්රිත රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචිව සිටින පවුල් සඳහා නිවාස ලබා දීම අද සිදු කෙරිණි. ඒ එම පවුල් සඳහා නිවාස ලබා දීමේ පළමු අදියර ක්‍රියාත්මක කරමිනි. කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය දක්වා ඉන්ධන ගෙන යන නළ පද්ධතිය වසර 70ක් පමණ පැරණි වේ. ඒ හේතුවෙන් ඉන්ධන ගෙනයාම සඳහා අඟල් දොළහේ නව නළයක් එළීමේ ව්‍යාපෘතිය ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින්...

මන්නාරම් ද්‍රෝනියේ තෙල් මෙහෙයුම ඇරඹේ
සදුදා, ඔක්තෝබර් 22 2018 09:27
ශ්‍රී ලංකා සාගරයේ මන්නාරම් ද්‍රෝනියේ ස්වාභාවික වායු සහ ඉන්ධන නිධි සෙවීමේ මෙහෙයුම් අද ආරම්භ කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ BGP Pioneer නෞකාව මඟිනි. පසුගිය මාර්තු 30 වැනිදා සිට මේ දක්වා එම නෞකාව ලංකා ද්‍රෝණියේ JS - 05 සහ JS - 06 යන කලාපවල දත්ත ගවේෂණය කිරීම සිදු කෙරිණි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ එම ගවේෂණය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව BGP Pioneer නෞකාව මන්නාරම්...

ඉන්දියාවට ත්‍රිමලය තෙල් ටැංකි විකුණන්නේ නැහැ
බදාදා, ඔක්තෝබර් 17 2018 09:36
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට දුන්නේ 2003දී....මම දැන් උත්සාහ කරන්නේ එයින් කිහිපයක් හරි ලංකාවට නැවත ගන්න...කුහක පිරිස් සහ මාෆියා කරුවන් අපේ උත්සාහයට බාධා කරමින් සිටිනවා...ඇමැති අර්ජුන කියයි....
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ දැනට භාවිතයට නොගන්නා තෙල් ටැංකි කිසිම අවස්ථාක විකුණා දැමීමක් නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා අවධාරණය කරන්නේ ආයෝජකයින් සමඟ එක්ව එම තෙල් ටැංකි සංවර්ධනය කිරීමට පමණක් කටයුතු කරන බවයි. රටට අවාසිදායක ගිවිසුම්වලට එළැඹිම තම...

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් වජිර දිසානායක මහතා රුසියානු තානාපති දයාන් ජයතිලක මහතා හමුවෙයි.
සදුදා, ඔක්තෝබර් 15 2018 09:14
වජිර දසනායක මහතා, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් රුසියානු තානාපති දයාන් ජයතිලක මහතා රුසියානු තානාපති කාර්යාලයේදී 2018 ඔක්තෝම්බර් 5 වන දින හමුවී හයිඩ්‍රොකාබන් කැනීම් සම්බන්ධව සාකච්ඡා කරන ලදී.
වජිර දසනායක මහතා පැවසුවේ ඔහු තානාපතිතුමන් සමග ශ්‍රී ලංකා උතුරු නැගෙනහිර මුහුදේ සිදුකරන භූ කම්පන දත්ත විශ්ලේෂණ පිළිබද සාකච්ඡා කළබවයි .සෝවියට් රුසියාව මගින් 1970-1975 කාලය තුළදී ලබාගත් භූ කම්පන දත්ත විශ්ලේෂනය කළ බව එතුමා තවදුරටත් පැවසීය.මුල්ම ගවේෂණය කාවේරී ද්‍රෝණියෙන් ආරම්භ...
ත්‍රිමල තෙල් ටැංකි විකුණන්න මම ඉඩ දෙන්නේ නැහැ.... පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකට පිළිතුරු දෙමින් ඇමැති අර්ජුන කියයි....
සිකුරාදා, ඔක්තෝබර් 12 2018 10:09
රටට අවාසි වන සේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කිසිම විටක ඉන්දීය ඔයිල් සමාගමට පවරා නොදෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව අද (12) කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේශපාලන පලිගැනීම්වලට ලක් වූවන්ට සහන සැලසීමේ උත්සවයට එක් වෙමිනි. රට පාවාදීම තම ප්‍රතිපත්තිය නොවේ. රටට හානිවන කිසිම දෙයක් කිසිම විටක සිදු කරන්නේ නැත. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය රටට වාසි සහගත වන සේ සංවර්ධනය...

ගල්ෆ් බුද්ධි බලශක්ති වෙළඳ සංසදය 2018
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 27 2018 05:17
‘’ගල්ෆ් බුද්ධි බලශක්ති වෙළඳ සංසදය 2018....’’ (The 8th Gulf Intelligence Energy Markets Forum 2018 ) ගෝලීය සමුළුව පසුගියදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරාහි නොවොටෙල්හිදී පැවැත්වුණා. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වූයේ ලොවම දිනූ නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමායි... එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජරාහි ප්‍රධානී රාජකීය හමාඩ් බින් මොහොමඩ් අල් ෂාර්කි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සමුළුවේදී අර්ජුන රණතුංග මැතිතුමාට හිමි වූයේ ඉහළ පිළිගැනීමක්... මේ එහිදී අප කැමරාවේ...

ලේ දන් දීමේ වැඩසටහන
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 20 2018 06:45
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කර වසර 57 ක් පිරීම හා නව “ සිපෙට්කෝ ” නිවහනට ගෙවදී වසර 07 ක් සපිරීම නිමිත්තෙන් ,ගරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ හා ගරු නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන්, 2018.09.21 වන සිකුරාදා දින ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්වීමට ප්‍රධාන කාර්යාලීය බෞද්ධ සංගමය කටයුතු සූදානම් කර ඇත.
දෙමටගොඩ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය බ්‍රාහ්මණ වත්තේ සිරිධම්ම ස්වාමිපාදයාණන් වහන්සේගේ ධර්ම අනුශාසනාවකින් ආරම්භ...

ලේ දන්දීමේ මහා පුණ්‍යකර්මය
සදුදා, සැප්තැම්බර් 17 2018 05:38
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයීය බෞද්ධ සංගමයේ වාර්ෂික වැඩසටහන යටතේ ලේ දන්දීමේ මහා පුණ්‍යකර්මයක් 2018 සැප්තැම්බර් මස 21 වන සිකුරාදා දින පෙ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ.
ඛනිජතෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කර වසර 57 ක් පිරීම නිමිත්තෙන් සහ නව ප්‍රධාන කාර්යාලයට ගෙවදී වසර 07 ක් සපිරීම සිහිපත් කර පැවැත්වෙන මෙම වැඩ සටහනෙහි සමාරම්භක උළෙලේ ආගමික කටයුතු දෙමටගොඩ ශ්‍රී නාග විහාරාධිපති ශාස්ත්‍රවේදි පුජ්‍ය බ්‍රාහ්මණවත්තේ සිරිධම්ම ස්වාමිපාදයාණන් වහන්සේ...

සමාජය වෙනස් කරන්න කියවිය යුතුමයි
බදාදා, සැප්තැම්බර් 05 2018 04:24
රාජ්‍ය ආයතන මහජන හිතකාමී, ඵලදායී සේවා සපයන මට්ටමට පත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව වටහා ගත් ඔහු, ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග වෙත අවධානය යොමු කරයි. ඒ පිළිබඳ අධ්‍යයනය කරයි. අවසානයේ, 'විශිෂ්ටත්වය උදෙසා ඵලදායිතා වර්ධනය - ඵලදායි රාජ්‍ය ආයතන' සහ 'ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම' කෘති දෙකක් ජනගත කළ ඔහු, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වත්මන් ලේකම්, උපාලි මාරසිංහ ය.
මේ පොත් දෙක ලියන්න අදහස් කළේ ඇයි?
ජනතාව, රාජ්‍ය ආයතනවලින් බලාපොරොත්තු වන මට්ටමේ ඉහළ සේවයක්...

නව ව්‍යාපෘති අධ්යක්ෂ පත් කෙරේ
අඟහරුවාදා, සැප්තැම්බර් 04 2018 10:39
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ගුවන් තෙල් පර්යන්තයේ දෙවන අදියරේ 2 වන පියවරේ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ,යෝජිත නව ගුවන් යානා හැසිරවීමේ පථයේ E අංගනයේ ඉන්ධන සැපයුම් පද්ධතිය ( Fuel Hydrant System) ඉදිකිරිම හා ගුවන් සේවා ඉන්ධන පර්යන්ත පහසුකම් වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතියෙහි,ව්‍යාපෘති අධ්‍යක්ෂක තනතුරේ පුරප්පාඩුව පිරවීම සිදු විය.
ඒ අනුව පළ කරන ලද පුවත් පත් ඇබෑර්තු නිවේදනය මඟින් සංස්ථා සේවයෙන් විශ්‍රාම ගොස් සිටි හිටපු නියෝජ්‍ය පිරිපහදු...

උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ තෙල් සම්පත සෙවීමේ මෙහෙයුම ඇරඹේ...
ඉරිදා, සැප්තැම්බර් 02 2018 10:02
ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර ගැඹුරු මුහුදේ ස්වභාවික වායු සහ ඉන්ධන නිධි හඳුනා ගැනීමේ මෙහෙයුම අද ආරම්භ විය. ඒ කොළඹ වරායට සේන්දු වූ අති නවීන BGP Pioneer නෞකාව එකී දත්ත ගවේෂණ සඳහා උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදට යාත්‍රා කිරීමෙනි. දින හතලිස් පහක් සිය දත්ත සෙවීමේ මෙහෙයුම උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ ක්‍රියාත්මක කරන එම නෞකාව ආවරණය කෙරෙන සම්පූර්ණ ප්‍රදේශය වර්ග කිලෝමීටර් දසදහසක් වේ. මෙහෙයුම ආරම්භ කිරීමේ නිල උත්සවය අද උදෑසන කොළඹ වරාය...

තෙල් සංස්ථාවේ රැකියාවලින් සියයට දහයක් සංස්ථාවේ දෙමාපියන්ගේ දරුවන්ට..
බ්‍රහස්පතින්දා, අගෝස්තු 30 2018 05:24
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා පුරප්පාඩු වලින් සියයට දහයක කොටසක් මව්පිය පදනම යටතේ සංස්ථාවේ දරුවන්ට ලබා දීමට තීරණය කර ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව අනාවරණය කළේ 2018 විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වෙමිනි. උත්සවය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේදී අද උදෑසන (29)පැවැත්විණ. ජාතික විශ්ව විද්‍යාල අධ්‍යාපන වරම් ලැබූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක මහත්ම...

සංස්ථා සේවක මහත්ම මහත්මීන්ගේ දරුවන්හට විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව පිරිනැමීම - 2018
අඟහරුවාදා, අගෝස්තු 28 2018 06:48
ජාතික විශ්ව විද්‍යාල වල උපාධි අධ්‍යන පාඨමලා සඳහා සුදුසුනම් ලබන සේවක දරුවන්ගේ උසස් අධ්‍යපන කටයුතු සාර්ථකව නිමකර ගැනීම සඳහා මූල්‍යමය ශිෂ්‍යත්ව ලබා දීම ගරු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2018.08.29 වත දිත පෙ.ව. 10.45 අමාත්‍යංශ රැස්වීම් ශාලාෙව්දී පැවැත්වේ.
ජාතික විශ්ව විද්‍යාල වල උපාධි අධ්‍යන පාඨමලා සඳහා සුදුසුනම් ලබන සේවක දරුවන්ගේ උසස් අධ්‍යපන කටයුතු සාර්ථකව නිමකර ගැනීම සඳහා මූල්‍යමය ශිෂ්‍යත්ව ලබා දීම මෙම වැඩ සටහනේ මූලික අරමුණ වේ.
විශ්ව විද්‍යාල...

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ
සදුදා, අගෝස්තු 27 2018 06:13
සිංගප්පූරු වෙළද ගිවිසුම හෝ වෙනත් ඕනෑම වෙළද ගිවිසුමක් යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ලීකරණය කෙරෙන යෝජනාවක් ඉදිරිපත්වී නොමැති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 24 දා පැවසීය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකදී පාර්ලිමේන්තුවේ ඇතිවු උණුසුම් වාදයකට එක්වෙමින් ඇමතිවරයා එසේ පැවසීය.
ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබද හෝ අදාළ ගිවිසුම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනාතාවටත් ඉදිරිපත් කරන බව පැවසු ඇමතිවරයා ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කරන...

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රටේ භාණ්ඩාගාරයට වැඩිම මුදලක් ලබා දෙන ආයතනයයි
සිකුරාදා, අගෝස්තු 24 2018 07:27
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහා භාණ්ඩාරයට වාර්ෂිකව වැඩිම මුදලක් ලබා දෙන රාජ්‍ය ආයතනය බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 2016 වසරේදී එම මුදල රුපියල් බිලියන 148කි. 2017 වසරේදී බිලියන රුපියල් 148කි. 2018 වසරේ මුල් මාස හයේදී රුපියල් බිලියන 68කි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියටත් මෙම ප්‍රගතිය වාර්තා කිරීම සඳහා සියලුම සේවකයින් තවදුරටත් කැපවීමෙන් වැඩ කළ යුතු බවයි. එතුමා මේ බව කියා සිටියේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ...

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි 25 වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පුර්ණ කළ සේවක මහත්ම මහත්මීන් හට රන් තිළිණ ප්රදානය කිරීමේ උත්සවය - 2018
අඟහරුවාදා, අගෝස්තු 21 2018 06:52
25 වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පුර්ණ කළ සේවක මහත්ම මහත්මීන් හට රන් තිළිණ ප්රදානය කිරීමේ උත්සවය ගරු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් 2018 අගෝස්තු මස 23 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පස්වරු 02.30 ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
2018 අගෝස්තු මස 01 දිනට 25 වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පුර්ණ කළ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ...

සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයට CNCI සමිමාන උළෙලේදී රිදී සම්මානයක්
සදුදා, අගෝස්තු 13 2018 05:37
ජාතික තර්මාන්ත මණ්ඩලයේ මෙහෙයවීමෙන් 17 වැනි වරටත් පැවැත්වූ 2018 CNCI සම්මාන උළෙලේදී අති විශාල කාණ්ඩය යටතේ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන රිදී සම්මානය සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයට හිමිවිය.
එම සම්මානය ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක අධ්යක්ෂ නිමල් ජයසුන්දර සහ කළමනාකාර (මුදල්) උදිත ජයලත් යන මහත්වරුන් විස්න් ලබාගනු ලැබීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේදී පැවති මෙම උළෙලට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ , සිලෝන් පෙට්‍රෝලියම්...
ඕනෑම නායකයෙක් නරක් වෙන්නේ නුසුදුසු පුද්ගලයෝ ආශ්රයෙන්....
බදාදා, ජූලි 25 2018 06:56
“ක්‍රීඩා කරන කාලේ මමත් නායකයෙක් වෙලා සිටියා. එතැනදී අපි දකින දෙයක් තමයි පුද්ගලයෙක් නායකයෙක් කරන්න බොහෝ අය මහන්සි වෙනවා. අපිත් බොහෝම අමාරුවෙන් නාකයෝ හදාගෙන තැනකට ගෙනාවා. නමුත් ඒ අය වටා ගොනු වෙන්නේ පසුගිය කාලේ හොරකම් කළ දූෂිත පුද්ගලයින්. අන්ත එතැන තමයි ඒ නායකයින්ගේ පිරිහීම පටන් ගන්නේ. ඒ තත්ත්වය අපි අත්දැකීමෙන් දැක්ක දෙයක්. අමාත්යවරයකේ ලෙස අපිත් වැරදි පුද්ගලයෝ ආශ්‍රය කළොත් තමයි අපේ තත්ත්වය නැති වෙන්නේ. ඇත්තටම පුද්ගලයෙක් තැනකට ගේන්න, නායකයෙක් කරන්න...

තෙල් ලේකම්ගේ පොත් හෙට එළියට
සදුදා, ජූලි 23 2018 10:29
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා රචනා කළ “ඵලදායී රාජ්‍ය ආයතන” හා “ඉදිරිපත් කිරීමේ කුසලතා” යන කෘති ද්විත්වය දොරටවැඩුම හෙට සිදු කෙරේ. ඒ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සංහිඳ ශාලාවේ පස්වරු 2.00ට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලෙහි සභාපති මහින්ද මඩිහහේවා, ගරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ, ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, ගරු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නීතිය හා සාමය...

“පෞද්ගලික ටැංකිරථහිමියන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළ දමයි ’’
බ්‍රහස්පතින්දා, ජූලි 19 2018 09:22
2018.06.15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ප්‍රවාහනය කරන පෞද්ගලික ටැංකි රථ සඳහා කිලෝ මීටරයට ගෙවන ප්‍රවාහන දීමනාව වැඩි කිරිමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරයි. ඊට එක් හේතුවක් වූයේ ඉන්ධන මිල වැඩි වීමත් සමඟ පෞද්ගලික ටැංකි රථ හිමියන් ට මුහුණ දීමට සිදු වු ආර්ථික අපහසුතාවයි.
ඒ අනුව වර්තමාන ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව එක් එක් ධාරිතාවයකින් යුතු පෞද්ගලික ඉන්ධන ටැංකි රථ සඳහා වූ මිල සංශෝධනය පහත ආකාරයට ඉහළ...

අද භූමිතෙල් ලීටරයක් ලබා දෙන්නේ රුපියල් 70කට පාඩුවක් ලබමින්....
බදාදා, ජූලි 18 2018 09:55
භූමිතෙල් ලීටරයකින් තවමත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් 23. 89ක් පාඩුවක් සිදු වන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව අද (18) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගේ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“වැඩිකළ භූමිතෙල් ලීටරයක මිල ධීවරයින්ගේ ඉල්ලීම මත රුපියල් 70 දක්වා අඩුකළා. නමුත් අපිට දැනටත් භූමිතෙල් ලීටරයකට රුපියල් 93.89ක් වැය වනවා. එසේ තිබියදීත් අපි අද භූමිතෙල් ලීටරයක් ලබා දෙන්නේ රුපියල් 70කට...

තෙල් මිල වැඩි කිරීමට මම එකඟ නොවුණේ ජනතාව ගැන හිතලා...
සෙනසුරාදා, ජූලි 14 2018 15:30
ඉන්ධන මිල ඉහළ දැමීමේදී ජනතාව නොසලකා හැරීම නොකළ යුතු යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි. ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ ඉන්ධන මිල වැනි සංවේදී විෂයක් ගැ
න තීරණ ගැනීමේදී සැම විටම ජනතාවගේ පැත්තෙන් සිතා තීරණ ගත යුතු බවයි. ලාභ ලබන ආයතනයක් ලෙසට වඩා මහජන සේවා සපයන ආයතනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යා යුතු බවද ඔහු අවධාරණය කර සිටී. ඒ පසුගිය 11 වැනිදා ඉන්ධන මිල සංශෝධනය...

ඛනිජ තෙල් ලේකම්ගෙන් පොත්....
බදාදා, ජූලි 11 2018 07:21
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා රචිත කෘති දෙකක් ජනගත කිරීම ලබන 24 වැනිදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සංහිඳ ශාලාවේදී සිදු කෙරේ. ඵලදායි රාජ්‍ය ආයතන සහ ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම එම ග්රන්ථ ද්විත්වයයි. ඔහු රාජ්‍ය පරිපාලන සේවයට එක් වන්නේ 1984 වර්ෂයේදී වේ. කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධරයෙකු මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ (PIM) රාජ්‍ය පරිපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධිධරයෙකුද වන උපාලි මාරසිංහ මහතා...

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාත්‍යන්තර තලයේ, අවම විමෝචන මට්ටම් සහිත Euro 4 ඉන්ධන මෙරටට හඳුන්වා දෙයි.
අඟහරුවාදා, ජූලි 10 2018 08:50
අවම විමෝචන මට්ටම් සහිත ජාත්‍යන්තර තලයේ Euro 4 ඉන්ධන මෙරටට හඳුන්වා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2018 ජූලි මස 02 වන දින කටයුතු කළේ ය. රට තුළ භාවිතා වන ප්‍රධාන බලශක්ති ජනන නිෂ්පාදන යුරෝපා වායු විමෝචන ප්රමිතීන් (European Emission Standards) සමග සමපාත කිරීම සඳහා රජය දරන උත්සාහයට මෙය මනා රුකුලක් වනු ඇත.
මේ පිළිබඳව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ පැවසී ය. ‘‘රාජ්‍ය ආයතනයක්...

ගුවන් ඉන්ධන සඳහා රුපියල් මිලියන 800ක් ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් එකඟතාවක්....
බදාදා, ජූලි 04 2018 10:50
සාර්ථක සුහඳ සාකච්ඡාවකින් පසුව ගුවන්යානා ඉන්ධන සඳහා ගෙවීමට තිබෙන ණය මුදල කොටස් වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකඟත්වය පළ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ නීල් ජයසේකර මහතා පවසයි. එම සාකච්ඡාව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත 2018.07.02 දින පස්වරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. පොදු ව්‍යාපාර පිළිබඳ අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, ඛනිජ...