• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

ministerpසිංගප්පූරු වෙළද ගිවිසුම හෝ වෙනත් ඕනෑම වෙළද ගිවිසුමක් යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ලීකරණය කෙරෙන යෝජනාවක් ඉදිරිපත්වී නොමැති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 24 දා පැවසීය.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකදී පාර්ලිමේන්තුවේ ඇතිවු උණුසුම් වාදයකට එක්වෙමින් ඇමතිවරයා එසේ පැවසීය.

ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබද හෝ අදාළ ගිවිසුම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනාතාවටත් ඉදිරිපත් කරන බව පැවසු ඇමතිවරයා ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කරන යෝජනාවක් නොමැති බවද පැවසීය.

නිදහස් වෙළද ගිවිසුම් එක රැයකින් අත්සන් නොකරන බවත් රහසිගතව අත්සන් නොකරන බවත් මෙම විවාදයට එක්වු නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති රාවුෆ් හකීම් මහතා පැවසීය. දිගු කාලයක් සාකච්ඡා කර ගිවිසුම් අත්සන් කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

සිංගප්පූරු වෙළද ගිවිසුම කැබිනට් මණ්ඩලයේ සාකචිඡා කර ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී පැවසීය.

 

 

 

 

 

 - මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

 

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

Petrol 92 Octane : Rs. 138.00 Per Litre

Petrol 95 Octane : Rs. 164.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 136.00 Per Litre

Kerosene : Rs. 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs. 110.00 Per Litre

Furnace Oil 800Sec : Rs 92.00 Per Litre

Furnace Oil 1500Sec : Rs 96.00 Per Litre

Furnace Oil 3500Sec : 

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග