• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

Productive Organizationssec

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා රචනා කළ “ඵලදායී රාජ්‍ය ආයතන” හා “ඉදිරිපත් කිරීමේ කුසලතා” යන කෘති ද්විත්වය දොරටවැඩුම හෙට සිදු කෙරේ. ඒ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සංහිඳ ශාලාවේ පස්වරු 2.00ට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලෙහි සභාපති මහින්ද මඩිහහේවා, ගරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ, ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, ගරු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද එම උත්සවයට සහභාගි වීමට නියමිතය.

උපාලි මාරසිංහ මහතා රාජ්‍ය පරිපාලනයෙහි අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨතම නිලධාරියෙකි. ඔහු රාජ්‍ය පරිපාලන සේවයට එක් වන්නේ 1984 වර්ෂයේදී වේ. කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධරයෙකු මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ (PIM) රාජ්‍ය පරිපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධිධරයෙකුද වන උපාලි මාරසිංහ මහතා කැනඩාවේ සෙනෙකා කොලේජ් ආයතනයේ තත්ත්වය හා ඵලදායිතාව පිළිබද සහතික පත්‍ර පාඨමාලාවක්ද හදාරා ඇත. උපාලි මාරසිංහ මහතා ආසියානු ඵලදායිතා සංවිධානය කලාපයේ ප්‍රවීණනයන් සඳහා පිරිනමන ජාතික සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි. එම විෂයෙන් දැනුම සොයා ‍යන ගවේෂකයින්ට ඔහු රචිත මෙම නවතම කෘති ද්විත්වය වඩාත් වැදගත් වේ. එහිදී ඔහුගේ ඵලදායි රාජ්‍ය ආයතන යන කෘතියෙන් සාකච්ඡා කරනුයේ රාජ්‍ය ආයතන වලින් මහජනතාවට විශිෂ්ට සේවාවක් ලබා දීමේදී අනුගමනය කළ යුතු ප්‍රායෝගික කරුණු වේ. රාජ්‍ය ආයතනයේ ප්‍රධානියාගේ ගුණාංග මෙන්ම නවීන යුගයට ගැළපෙන ලෙස රාජ්‍ය ආයතන පරිවර්තනය කිරීමේ ක්‍රමවේද ද එම කෘතියෙන් සාකච්ඡා කෙරේ.

ඉදිරිපත් කිරීමේ කුසලතා කෘතිය ව්‍යාපෘති, වාර්තා ඉදිරිපත් කිරීමේ කුසලතාව වර්ධනය කිරීමේ ක්‍රමවේද ඇතුළත් කෘතියකි. ඉදිරිපත් කරන්නකු සතුවිය යුතු ගුණාංග මෙන්ම ඉදිරිපත් කිරීමේ ශිල්පීය ක්‍රමද මෙම කෘතියෙන් සාකච්ඡා කෙරේ. මෙම කෘති ද්විත්වය උපාලි මාරසිංහ මහතාගේ 14වැනි සහ 15වැනි කෘති වේ. ග්‍රන්ථ දොරට වැඩීමේ සම්භාවනීය අවස්ථාවට සහභාගි වන්නැයි ඔහු ශාස්ත්‍ර හිතකාමී සියලු දෙනාටම ආරාධනා කර සිටී.

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

Petrol 92 Octane : Rs. 138.00 Per Litre

Petrol 95 Octane : Rs. 164.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 136.00 Per Litre

Kerosene : Rs. 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs. 110.00 Per Litre

Furnace Oil 800Sec : Rs 92.00 Per Litre

Furnace Oil 1500Sec : Rs 96.00 Per Litre

Furnace Oil 3500Sec : 

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග