• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

parlimentminභූමිතෙල් ලීටරයකින් තවමත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් 23. 89ක් පාඩුවක් සිදු වන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව අද (18) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගේ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“වැඩිකළ භූමිතෙල් ලීටරයක මිල ධීවරයින්ගේ ඉල්ලීම මත රුපියල් 70 දක්වා අඩුකළා. නමුත් අපිට දැනටත් භූමිතෙල් ලීටරයකට රුපියල් 93.89ක් වැය වනවා. එසේ තිබියදීත් අපි අද භූමිතෙල් ලීටරයක් ලබා දෙන්නේ රුපියල් 70කට පාඩුවක් ලබමින්....” බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉන්ධන මිල සූත්‍රය ගැන පැවසූවේ

“ඉන්ධන මිල සූත්‍රය දැනට එලියට දාල තියෙනවා. ඉදිරියේදී තමුන්නාන්සේලාටත් දැනුවත් වෙයි. මේක හුඟක් වෙලාවට භාණ්ඩාගාරයෙන් කරන ක්‍රමවේදයක්. අපි ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙනකොට මිල වැඩි කරන්නත් මිල අඩු වෙනකොට මිල අඩු කරන්නත් ක්‍රමවේදයක් දැන් හදල තියෙනවා. ඒකට කමිටුවක් පත්කරල තියෙනවා කැබිනට්ටුවෙන් අනුමැතිය ලබල. ඒ කමිටුවේ දෙන නිර්දේශය අනුව තමයි ඒ මිල වැඩි වීම් අඩු වීම් කරන්නේ ඉදිරි කාලයේදී....” යනුවෙනි.

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 155.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 169.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 123.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 141.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 3000තත් : රු 80.00 ලීටරය ට මිල

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග