• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

secbook3ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා රචිත කෘති දෙකක් ජනගත කිරීම ලබන 24 වැනිදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සංහිඳ ශාලාවේදී සිදු කෙරේ. ඵලදායි රාජ්‍ය ආයතන සහ ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම එම ග්‍රන්ථ ද්විත්වයයි. ඔහු රාජ්‍ය පරිපාලන සේවයට එක් වන්නේ 1984 වර්ෂයේදී වේ. කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධරයෙකු මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ (PIM) රාජ්‍ය පරිපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධිධරයෙකුද වන උපාලි මාරසිංහ මහතා කැනඩාවේ සෙනෙකා කොලේජ් ආයතනයේ තත්ත්වය හා ඵලදායිතාව පිළිබද සහතික පත්‍ර පාඨමාලාවක්ද හදාරා ඇත. උපාලි මාරසිංහ මහතා ආසියානු ඵලදායිතා සංවිධානය කලාපයේ ප්‍රවීණනයන් සඳහා පිරිනමන ජාතික සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි. එම විෂයෙන් දැනුම සොයා ‍යන ගවේශකයින්ට ඔහු රචිත මෙම නවතම කෘති ද්විත්වය වඩාත් වැදගත් වේ. ඵලදායි වර්ධනය සඳහා අසිරිමත් පංචවිධ සංකල්පය, ඵලදායිතා වර්ධනය සඳහා තත්ත්ව කව හා තත්ත්ව පාලන මෙවලම්, විශිෂ්ටත්වය උදෙසා ඵලදායිතා වර්ධනය, විශිෂ්ටත්වය උදෙසා ඵලදායිතා වර්ධනය තුලනාත්මක පාලන සටහන් උපාලි මාරසිංහ මහතා ලියූ සෙසු කෘති වේ.

Productive Organizations sec2

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

Petrol 92 Octane : Rs. 138.00 Per Litre

Petrol 95 Octane : Rs. 164.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 136.00 Per Litre

Kerosene : Rs. 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs. 110.00 Per Litre

Furnace Oil 800Sec : Rs 92.00 Per Litre

Furnace Oil 1500Sec : Rs 96.00 Per Litre

Furnace Oil 3500Sec : 

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග