• Inner Slider

 oil 

ආපදාවට පත් වූ ප්‍රදේශවල ඉන්ධන බෙදා හැරීම ක්‍ර‍මවත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට විශේෂ දුරකථන අංකයක් හදුන්ව දෙයි. 077 50 30 222 එම දුරකථනය අංකය වේ. ආපදාවට පත් වූ කිසියම් ප්‍රදේශයක ඉන්ධන හිඟයක් හෝ බෙදා හැරීමේ ගැළුවක් ඇත්නම් මෙම දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL) මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ආපදා තත්ත්වය හේතුවෙන් අද උදෑසන වන විට දකුණු පළාතේ ඉන්ධන පිරවුම් පොළවල් 11ක්ද බස්නාහිර පළාතේ ඉන්ධන පිරවුම් පොළවල් 7ක්ද සබරගමු පළාතේ ඉන්ධන පිරවුම් පොළවල් 5ක්ද අක්‍රිය තත්ත්වයට පත්ව තිබිණ. කෙසේනමුත් ගරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම  යටතේ එකී ඉන්ධන පිරවුම් පොළවල් යථා තත්ත්වයට පත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL) ඒකාබද්ධ මෙහෙයුමක් මේවන විට දියත් කරමින් සිටී. අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකය අද උදෑසන රැස්වූ අවස්ථාවේදී එකී කමිටු සාමාජිකයින් අවධාරණය කළේ අද සවස වන විට ඉහත ඉන්ධන පිරවුම් පොළවල් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි. කෙසේනමුත් ඉන්ධන ලබා ගැනීමේදී තවදුරටත් කිසියම් හෝ අපහසුතාවයකට පත් වේ නම් 077 50 30 222 දුරකථන අංකය අමතන මෙන්ද අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම දුරකථන අංකය පැය විසිහතර පුරාම ක්‍රියාත්මක කෙරේ.

 

 

අමාත්‍යාංශය යටතේ පවත්නා අායතන

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)

cpcඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන අානයනය කිරීම, පිරිපහදු කිරීම, බෙදා හැරීම සහ විකිණීම යන සියලුම වාණිජමය කටයුතු සිදු කෙරෙනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගිනි.

 

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL)

cpstlලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම ඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන සංචිත කිරීම සහ බෙදා හැරීම යන කාර්යන්හි වගකීම දරයි.

 

 

ඛනිජ තෙල් මූලාශ්‍ර සංවර්ධන ලේකම් කාර්යාලය

To ensure that all Sri Lankans benefit from the petroleum resources of the country by managing the industry in an equitable, safe and environmentally sustainable manner