• About Slider

ගරු චන්දිම වීරක්කොඩි
අමාත්‍ය - ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පාර්ශවකරුවන් වන ඔබ වෙත මෙම පණිවුඩය ඉදිරිපත් කරන්නේ ඉතා සතුටිනි. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා ලෙස මාගේ සේවය හා නායකත්වය ඉතා හොඳ ආකාරව ඔබ වෙත ලබා දිමට මා කැපවී සිටින බව දන්වා සිටිමි.


ඛනිජ තෙල් සම්පත් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරිම තුළින් අමාත්‍යාංශයේ දිගු කාලින සැලසුම් ක්‍රියාත්මක කිරීම ට ත් උපාය මාර්ග වැඩි දියුණු කිරිම ට ත් අපේක්ෂා කරමි.

මෙම ක්ෂේත්‍ර සඳහා විශේෂඥ දැනුම ඇතුළත් කිරීමටත් එමඟින් අමාත්‍යාංශයේ ආදායම හා රටේ ආර්ථිකය ඉහළ නැංවීමට මා තීරණය කර තිබේ. මා සැම විටම රාජකාරි කටයුතු සිදු කරනුයේ ආචාරධර්ම වලට අනුකූලව ඉහළ වෘත්තීය මැදිහත්වීමකිනි.

තවද පරිසර දූෂණය අවම කිරීම සඳහා මාගේ මාතෘභූමියේ ස්වභා සුන්දරත්වය ආරක්ෂා කරන බව ට පොරොන්දු වෙමි. මේ රටේ ඛනිජ තෙල් පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් මම ඉලක්ක සපුරා කටයුතු කරන බවත් ඵලදායී සහ කාර්යක්ෂමව සේවය කරන බවත් සියලු ශ්‍රී ලාංකිකයින් වෙත දන්වා සිටිමි. රට වෙනුවෙන් මා ගන්නා සෑම පියවරක්ම රටේ සමෘද්ධිය හා අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන බව පවසමි. රටේ සෑම පුරවැසියෙකුගේම අවශ්‍යතා මා හඳුනාගෙන ඇති බවද ඒවා ඉටු කිරීම ට ඇප කැපවෙන බවද ඔබ සැම වෙත දන්වා සිටිමි.

ස්තූතියි!

අමාත්‍යාංශය යටතේ පවත්නා අායතන

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)

cpcඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන අානයනය කිරීම, පිරිපහදු කිරීම, බෙදා හැරීම සහ විකිණීම යන සියලුම වාණිජමය කටයුතු සිදු කෙරෙනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගිනි.

 

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL)

cpstlලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම ඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන සංචිත කිරීම සහ බෙදා හැරීම යන කාර්යන්හි වගකීම දරයි.

 

 

ඛනිජ තෙල් මූලාශ්‍ර සංවර්ධන ලේකම් කාර්යාලය

To ensure that all Sri Lankans benefit from the petroleum resources of the country by managing the industry in an equitable, safe and environmentally sustainable manner