• About Slider

පාලන අංශය

අප විසින් සපයනු ලබන සේවා:

වර්තමාන අවශ්‍යතා අනුව 1961 අංක 28 දරණ සංශෝධිත ඛනිජ තෙල් සංස්ථා පනත සහ 2002 අංක 33 දරණ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත හා සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන වන ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සම්බන්ධ සියලුම පරිපාලන සහ මානව සම්පත් සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීම

පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ ක්‍රියාකාරකම් ඒවායේ සාර්ථකත්වය කරා සම්බන්ධීකරණය සහ මෙහෙයවීම

මහජන පෙත්සම්, කොන්දේසි සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් යොමු කෙරෙන පෙත්සම් සම්බන්ධයෙන් පසු විපරම් කටයුතු සිදු කිරීම

අමත්‍යාංශය වෙත ඇවුරුණු බලතල සහ වගකීම් යටතේ ඒ හා සමපාතව පැන නගින ගැටළු වල දී නීතිමය තත්ත්වය සලකා බලා ඊට අනුරූපව කටයුතු කිරීම සහ පුද්ගලයින්, ආයතන සහ විවිධ සමාජයීය ඒකක මගින් විමසන ලද නීතිමය කරුණු වලට අදාල නීතිමය පියවර ගැනීම

අමාත්‍යාංශ ගොඩනැගිල්ල ඇතුළු අමාත්‍යංශ භෞතික දේපල මනා ලෙස පවත්වාගෙන යාම සහ අවම වියදමින් අදාල නඩත්තු කටයුතු සිදු කිරීම

අමාත්‍යාංශයේ අත්‍යාවශ්‍ය සේවා (විදුලිය, ජල සැපයුම, දුරකථන පහසුකම්) මනා ලෙස පවත්වාගෙන යාම සහ අවම වියදමින් අදාල නඩත්තු කටයුතු සිදු කිරීම

අමාත්‍යාංශ පරිශ්‍රයේ ඩෙංගු නිවාරණ වැඩ සටහන් සංවිධානය කිරීම සහ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන පරිශ්‍රයන්හි ඩෙංගු නිවාරණ වැඩ සටහන් සංවිධානය කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ මෙහෙයවීම.

අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ මානව සම්පත් සංවර්ධනය අරමුණු කර ගනිමින් දේශීය සහ විදේශීය පුහුණු වැඩ සටහන් සහ නිපුණතා සංවර්ධන වැඩ සටහන් මෙහෙයවීම සහ පැවැත්වීම.

අමාත්‍යාංශ අන්තර්ජාල බිහිදොර යාවත්කාල කර පවත්වාගෙන යාම

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය යන ආයතන ආශ්‍රිතව දැයට කිරුළ ජාතික සංවර්ධන ව්‍යාපෘති කටයුතු සම්බන්ධීකරණය කිරීම

සංවර්ධන අංශය

අප විසින් සපයනු ලබන සේවා:

ඛනිජ තෙල් කර්මාන්කය ආශ්‍රිත සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ක්‍රියාවට නැංවීම

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය මගින් සිදු කෙරෙන සියලුම සංවර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය සහ මෙහෙයවීම

ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන වල මිල නියම කිරීම, අලෙවි නියෝජිතයින් තෝරා පත් කර ගැනීම, බෙදා හැරීම. අලෙවිය සහ ප්‍රචාරණය ආදී කටයුතු වල දී මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ සැලසුම් ඒකකය සමග සම්බන්ධීකරණය පවත්වා ගැනීම

විශේෂිත ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වන බලපත්‍ර නිකුත් කිරීම සහ යාවත්කාල කිරීම

ඛනිජ තෙල් ආශ්‍රිත තොරතුරු පිළිබඳ වැඩමුළු සහ රැස්වීම් පැවැත්වීම මගින් ඛනිජ තෙල් සම්බන්ධ දැනුම සංවර්ධනය කිරීමට දායක වීම

ගිණුම් අංශය

අප විසින් සපයනු ලබන සේවා:

පාර්ලිමේන්තුව මගින් 2012 වර්ෂය සඳහා 115 වැය ශීර්ෂය යටතේ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය වෙත නිදහස් කර ඇති ප්‍රතිපාදන වලට අනුකූලව අමාත්‍යාංශයේ සියලුම වියදම් කළමනාකරණය කිරීම

ගරු අමාත්‍ය තුමා ගේ සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ වේතන පිළියෙල කිරීම, ලබා දීම සහ වේතන සම්බන්ධ අනෙකුත් සියලුම කටයුතු මෙහෙයවීම

අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා අනුව ගබඩා අයිතම, ලිපි ද්‍රව්‍ය සහ කාර්යාලයීය බඩු මුට්ටු සඳහා ඇණවුම් ලබා දීම සහ සැපයීම

අමාත්‍යාංශ යේ නිල ගිණුම මනා ලෙස සහ සකසුරුවම් ව පවත්වාගෙන යාම

අමාත්‍යාංශයේ වියදම් සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලකිල්ලට ගෙන මීළඟ ගිණුම් වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම

රාජ්‍ය ආදායම් ලෙස ලත් මුදල් සහ අමාත්‍යාංශය විසින් මෙහෙයවන ලද කාර්යයන් සඳහා දරණ ලද වියදම් විශ්ලේෂණය කර වෙන් කරන ලද මුදල් ලෙජරය සකස් කිරීම සහ පවත්වා ගෙන යාම

අමාත්‍යාංශයේ දෛනික ආදායම් සහ විදම් සැලකිල්ලට ගෙන මාසික ආදායම් සහ වියදම් වාර්තාව සකස් කර, මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කිරීම

ගිණුම් වර්ෂය සඳහා අමාත්‍යාංශයේ සියලුම පරිවර්තන දත්ත ඇතුළත් වන සේ වාර්ෂික විසර්ජන ගිණුම් වාර්තාව සකස් කිරිම සහ එම වාර්තාව විගණකාධිපති වෙත යොමු කිරිම

අභ්‍යන්තර විගණන අංශය

අප විසින් සපයනු ලබන සේවා:

අමත්‍යාංශයේ මූල්‍ය, පාලන සහ සංවර්ධන ඒකක, වාර්ෂික අභ්‍යන්තර ක්‍රියාකාරී සැලසුම අනුව විගණනයට ලක් කිරීම

අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස් වලට අනුව විශේෂ විමර්ශන කටයුතු සහ සෝදිසි ක්‍රියාත්මක කිරීම

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය යන ආයතන වල අභ්‍යන්තර විගණන ඒකක සමග සම්බන්ධීකරණය පවත්වා ගැනීම

විගණන සහ කළමනාකරණ කමිටු රැස්වීම් මෙහෙයවීම

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ට අදාල පොදු ව්‍යාපාර උපදේශන කමිටු ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම

ප්‍රසම්පාදන අංශය

අප විසින් සපයනු ලබන සේවා:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ආනයනය කෙරෙන පිරිපහදු කරන ලද ඛනිජ තෙල්, බොර තෙල් සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධ සියලුම ප්‍රසම්පාදන කටයුතු අධීක්ෂණය කිරීම.

කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් කැඳවනු ලබන ප්‍රසම්පාදන කමිටු රැස්වීම් සම්බන්ධ සියලුම කටයුතු සම්බන්ධීකරණය කිරීම

අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටු රැස්වීම් සම්බන්ධ සියලුම කටයුතු සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලත්, දාම ප්‍රසම්පාදන කමිටු සහ තාක්ෂණික ඇගයීම් කමිටු වල මාසික වාර්තා සකස්කිරීම සහ විශ්ලේෂණය කිරීම.

ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රම්පාදන මාර්ගෝපදේශ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය සකස් වී තිබේ දැ යි පරීක්ෂා කිරීම සහ මේ සඳහා කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කිරීම

ජාත්‍යන්තර ඛනිජ තෙල් වෙළෙඳපොළ නිරීක්ෂණය කර, වඩා කාර්යක්ෂම අයුරින් ඛනිජ තෙල් මිල දී ගැනීමේ පටිපාටි සකස් කිරීම

ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන නියාමන කටයුතු සිදු කිරීම

අමාත්‍යාංශය යටතේ පවත්නා අායතන

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)

cpcඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන අානයනය කිරීම, පිරිපහදු කිරීම, බෙදා හැරීම සහ විකිණීම යන සියලුම වාණිජමය කටයුතු සිදු කෙරෙනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගිනි.

 

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL)

cpstlලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම ඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන සංචිත කිරීම සහ බෙදා හැරීම යන කාර්යන්හි වගකීම දරයි.

 

 

ඛනිජ තෙල් මූලාශ්‍ර සංවර්ධන ලේකම් කාර්යාලය

To ensure that all Sri Lankans benefit from the petroleum resources of the country by managing the industry in an equitable, safe and environmentally sustainable manner