• About Slider

 

වෛද්‍ය අනෝමා ගමගේ dept-min-new
නියෝජ්‍ය අමාත්‍ය - ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත මඟින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස පිහිටුවන ලදි. සංස්ථාවේ ප්‍රධාන අරමුණු වනුයේ ඛණිජ තෙල් නිෂ්පාදන ආනයනය,අපනයනය,අලෙවි කිරීම,සැපයීම සහ බෙදාහැරීම මෙ‍හෙයවීමයි. ඊට අමතරව ඛණිජ තෙල් ගවේෂණය,නිෂ්පාදනය කිරීම, පිරිපහදු කිරීම සහ එම අරමුණු ඉටු කර ගැනීම සඳහා අනියම් ආකාරයෙන් හේතුවන හෝ උපකාරී වන ව්‍යාපාරයන්හි නිරත වීමද අපේක්‍ෂිත අරමුණු වේ.

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිනිය වශයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “එකමුතුව- උපරිමය කරා” යන මාතෘකාව පෙරදැරිව ඔබ අමතන්නට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකමි.

තිර අදිටනින් සහ කැපවීමෙන් යුක්තව නොනැවතී අරමුණු කරා යෑම තුළින් ආයතනික සිහින සැබෑකර ගත හැකි බවට මා තුළ දැඩි විශ්වාසයක් ඇත. ආයතනයක් ලෙස අපගේ ඉහත සඳහන් අරමුණු ජය ගැනීම සඳහා “සැබෑ” දක්‍ෂතාවයන්ගෙන් සමන්විත, අනලස්ව සේවයට කැපවුණු , යහපත් ආකල්පයන්ගෙන් සපිරි සේවක පිරිසකගේ අවශ්‍යතාවය කැපී පෙ‍නේ.එබැවින් ආයතනය සතු වටිනා මානව සම්පත නිවැරදිව කළමනාකරණය සහ සංවර්ධනය, සාර්ථකත්වය කරා යන ගමනේ පළමු පියවර විය යුතු බව මගේ හැඟීමයි.

මගේ පෞද්ගලික අත්දැකීම් අනුව මගේ අවංක හැඟීම නම්, පුද්ගලයාගේ ප්‍රකාශිත දැනුම එනම් විවිධ සහතික , සම්මාන, සාමාර්ථ ආදියෙන් පිළිබිඹු කෙරෙන දැනුම අවශ්‍ය සාධකයක් වුවද , මිනිසාගේ අප්‍රකාශිත සැඟවුණු දැනුම එනම් තම යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ආයතනය වෙනුවෙන් ඉටු කිරීමෙහිලා දක්වන දායකත්වයේදී උපයෝගී කර ගන්නා සුවිශේෂී දැනුම ඕනෑම ආයතනයක සාර්ථකත්වය කෙරෙහි වඩාත් වැදගත් වන බවයි.

මන්ද “ප්‍රයෝජනවත් දැනුමම පමණක් ප්‍රයෝජනවත්” වන බැවිනි.

අපගේ ඉලක්ක අපේක්ෂා සහගත වේ.......

අප ඉදිරියේදී ඇති කොන්දේසි අභියෝගාත්මක වේ......... එසේ වුවද අපගේ පරමාර්ථ ඉටු කිරීමෙහිලා අප තෝරා ගෙන ඇති උපාය මාර්ගයන් ශක්තිමත් හා ස්ථාවර බැවින් අපගේ අරමුණු කරා සාර්ථකව ළඟාවීමට හැකි වන බවට මා තුළ දැඩි ආත්ම විශ්වාසයක් ඇත. මන්ද අප දැන් යහපාලන මාවතේ නිවැරදි දිශානතිය වෙත ගමන් කරමින් සිටින බැවිනි.

අවසාන වශයෙන් පාරිභෝගිකයාට මුල් තැන ලැබෙන්නා වූද, පරිසර හිතකාමී වූද, ඛණිජ තෙල් හා ආශ්‍රිත කර්මාන්ත සංවර්ධන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වී අපගේ ජාතියේ සෞභාග්‍යය උදෙසා දායකත්වය සැපයීම තුළින් ශ්‍රී ලංකා රජයේ අරමුණ වන පුරවැසියාගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ සද්කාර්යයට දායක වීම සඳහා ඔබගේ නොමසුරු සහයෝගය අපේක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ෂා කරමි.

- ඔබ සැමට වාසනාවන්ත අනාගතයක් ! -

අමාත්‍යාංශය යටතේ පවත්නා අායතන

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)

cpcඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන අානයනය කිරීම, පිරිපහදු කිරීම, බෙදා හැරීම සහ විකිණීම යන සියලුම වාණිජමය කටයුතු සිදු කෙරෙනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගිනි.

 

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL)

cpstlලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම ඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන සංචිත කිරීම සහ බෙදා හැරීම යන කාර්යන්හි වගකීම දරයි.

 

 

ඛනිජ තෙල් මූලාශ්‍ර සංවර්ධන ලේකම් කාර්යාලය

To ensure that all Sri Lankans benefit from the petroleum resources of the country by managing the industry in an equitable, safe and environmentally sustainable manner